Ads 468x60px

Thursday, May 24, 2012

අතීතාවර්ජනයක්



සරසවියෙන් ඉවත් වෙලා දැන් මාස දෙකයි. ඒත් මට නම් දැනෙන්නෙ ඊට වඩා ලොකු කාලයක් ගෙවිල ගිහින් කියල. කැම්පස් එකෙ ගත්ත පින්තූර ආයෙ ආයෙ බලද්දි ආයෙත් ඒ දවස් වලට යන්න ඇත්නම් කියල හිතෙනව. මෙහෙම කියන්නෙ මමමද කියල මටත් හිතාගන්න බෑ. කාලෙකට කලින් විභාග, අසයින්මන්ට්,ලෙක්චර්ස් එක්ක දවස ගෙවිලා යද්දි, කොච්චර කරත් වැඩ ඉවරයක් නැති, රෑ 2,3 වෙනකන් මැරී ගෙන වැඩ කරද්දී මං කල්පනා කරේ කැම්පස් එකෙන් අයින් වෙන්නෙ කවද්ද කියලා.  එහෙම හිතපු මම දැන් කියන්නෙ ආයෙත් මට කැම්පස් යන්න ආසයි කියල...ඇයි ඒ? මටත් හරියට හිතා ගන්න බෑ.

උදේම නැගිටිනව තරම් එපා කරපු වැඩක් මට නම් තවත් නෑ. ඒත් උදේට ලෙක්චර්ස් වැටුනම කරන්න දෙයක් නෑනෙ...ඉතින් නිදිමතේම ලෙක්චර්ස් යනව. ඊට පස්සෙ ලෙක්චර් එක ඉවර වෙනකම් මායි මගේ යාලුවයි තරඟෙට නලලෙ බාම් ගානව.මොකද හැමදාම අපි දෙන්නට ලෙක්චර් එකේදි ඔලුවෙ කැක්කුම හැදෙනව. පුදුමෙ කියන්නෙ දැන් ආයෙත් මතක් කරද්දි ඒ මතකය පවා හිතට දැනෙන්නෙ සුන්දර මතකයක් විදිහට. උදේට කන්න ගිහින් කන දෙයක් හිතා ගන්න බැරුව කෑම දිහා බලාගෙන ඉන්න හැටි, ඊට පස්සෙ ගත්ත කෑම වලට සල්ලි ගෙවන්න කට්ටිය "ඊයෙ ඔයා ගත්තනෙ අද මං ගන්නම්" කිය කිය එතන සල්ලි ගෙවන්න පොරකන හැටි, ඊට පස්සෙ තේ පෝලිමෙ හිටගෙන ඉන්න හැටි, ඊට පස්සෙ රටේ නැති ඒව කියව කියව කැම කන හැටි හරියට ෆිල්ම් එකක් වගේ මේ වෙලාවෙත් මගේ ඇස් ඉස්සරහ මැවිල පේනව.

ලයිබ්‍රරි එකට ගිහින් පැයක් විතර තෝරල තෝරල කලු ගල් වගේ බර පොත් අමාරුවෙන් අරන් ඇවිත් මේසෙ උඩින් තිබ්බට පස්සෙ ගොඩක් වෙලාවට මාත් පොතක් ගෙනාව  කියල මතක් වෙන්නෙ කවුරු හරි පොතක් දෙන්න ලයිබ්‍රරි යනකොට තමයි. ඇවිත් බලද්දි ගෙනාපු පොත දෙන්න ඕනි දවස පහු වෙලා.නැත්තන් දෙන්න තියෙන්නෙ හෙට. ඉතින් මටම බැන බැන ආයෙත් නම් ගේන පොත් එදාම කියවනව කියල හිතහිත පොත ගිහින් භාර දෙනව. ඒත් මොන එකක්ද මංද මට කවදාවත් ඒ වැඩේ කරන්න බැරි උනා. අන්තිමේදි පොත් ගේන එකත් නැවැත්තුව. තේරුමක් නෑනෙ පොත් නිකන් එහාට මෙහාට ප්‍රවාහනය කරලා.

කැම්පස් එකේ මගෙ සුන්දරම මතකය විදිහට තියෙන්නෙ යාලුවොත් එක්ක කොහේ හරි තැනකට සෙට් වෙලා කතා කර කර ඉන්න එක. ගහක් යට තිබ්බ ලී බංකු තුනක වාඩි වෙලා රස කතා, ආගිය තොරතුරු,අතීත මතක කිය කිය හිතේ හැටියට හිනා වෙවී කතා කර කර ඉන්න මං හරිම ආසයි. ඒ වෙලාවට හිතට දැනෙන සැහැල්ලුවට මං පුදුම විදිහට ආස කලා. මං දන්නව ආයෙත් කවදාවත් මට ඒ විදිහෙ සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ කියලා.ඒ මතකය විතරයි අද මට තියෙන්නෙ.

කම්පියුටර් ලැබ් එකට යන්න වෙන එකටනම් මං හරිම අකමැතියි. පැය තුනක් විතර AC එකේ ඉඳල එළියට එනකොට මුලු ඇඟම ගල් වෙලා වගේ. ඒත් ඉතින් මොනව කරන්නද...සමහර වෙලාවට මං ලැබ් එකට ගියෙ අයිස්ලන්තයට යනව වගේ. අත් දිගට තියෙන ඝනකම් බ්ලවුස් එකක් ඇඳල තව ජර්සියකුත් ඇඳල ඇතුලට ගිය වෙලේ ඉඳල අත් දෙක එකට අතුල්ල අතුල්ල හිටපු හැටි මතක් වෙනකොටත් හිනා. හොඳම වැඩේ වෙන්නෙ උදේ ලැබ් එකේ ලෙක්චර්ස් තිබිලා හවස තියෙන ලෙක්චර් එක පටන් ගන්නකන් ඉන්න කාළය. දවල්ට එළියෙ තියෙන රස්නෙත් එක්ක අර විදිහෙ බ්ලවුස් ඇඳන් ඉන්න ගියාම පිස්සු හැදෙනව.

අපේ කැම්පස් එක තියෙන්නෙ හරිම සුන්දර පරිසරයක. කාලෙකදි මුලු සරසවියම මීදුමෙන් වැහෙනව. ඔය පහලින් දාල තියෙන්නෙ කැම්පස් එකේ පින්තූර ටිකක්.

 
යාලුවොත් එක්ක කතා කර කර ඉන්න තැනක්





ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


සමහර වෙලාවට ඈතින් පේන කඳු ටික දිහා බලාගෙන ඉන්න මං හරිම ආසයි. හවස දේශන ඉවරවෙලා ඉර බැහැගෙන යද්දි යාලුවොත් එක්ක හිමින් හිමින් ඇවිදගෙන සරසවිය පුරාම ආයෙත් යන්න ඇත්තම් කොච්චර හොඳද කියල මට පහුගිය මාස දෙකට හිතුන වාර ගාන අනන්තයි.

කැම්පස් එකේදි මං ටිකක් නිහඬ චරිතයක්. ඉස්කෝලෙ කාලෙ කෑගහල දඟලල හිටිය මං කැම්පස් එකට ගිය ගමන් හරි තැන්පත් කෙනෙක් උනා. අන්තිම දවසෙ අපේ කට්ටිය එකතු උන වෙලාවකදි මගෙ සගයෙක් මාව හැඳින්නුවෙත් ටිකක් හැංගිලා ඉන්න උත්සහ කරපු කෙනෙක් විදිහට. එක අතකින් ඒකත් ඇත්ත. ඉස්කෝලෙදි හැම වැඩකටම පැනගෙන ගිය මං සරසවියෙදි කැමති උනේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ආයෙත් මට මුල ඉඳන්ම කැම්පස් යන්න ලැබුනොත් මීට වඩා සැහැල්ලුවෙන් ඉන්න, හරියටම කියුවොත් මම මං විදිහටම ඉන්න උත්සහ කරාවි. එහෙම උනානම් මීටත් වඩා සරසවි ජීවිතය ලස්සන වෙන්න තිබ්බ කියල දැන් මට හිතෙනව.

මීට කලින් භාගෙට ලියපු ලිපි වගයක් තියෙද්දි හදිස්සියේම මගෙ සරසවි ජීවිතය ගැන ලියන්න හිතුන හේතුව මට හිතාගන්න බෑ. ඒත් අද මහ පාලුවක්, කාන්සියක් හිතට දැනුනා. ඒ වෙලාවෙ ඉබේටම වගේ හිතට ආපු මේ සුන්දර මතකයන්  ටික හිතට එන විදිහටම ලියලා දාන්න හිතුනා.

32 comments:

  1. ජීවිතේ පාළුවක් තනිකමක් දැනෙනකොට ඒවගේ සුන්දර මතකයක් හිතට අරගෙන මොහොතක් හරි හිනා වෙන්න පුළුවන් නම් ඇත්තටම අපි වාසනාවන්තයි. අතීතය දිහා ගොඩක් සුන්දරව බලන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනාටයි කියලයි මට හිතෙන්නේ. එහෙම බැලුවම ඔයා වාසනාවන්තයි. කැම්පස් ජීවිතයක් ලබන්න වාසනාවක් නැති වුනාට ඒ ජීවිතයට මම පුදුම විදිහට ආදරේ කරනවා. මේ ෆොටෝ කොයි කැම්පස් එකේද කියල දන්නේ නැති වුනාට හිතට අමුතු හැඟීමක් ආවා පින්තුර බල බල කියවනකොට. සමහර විට ගිය ආත්මේ පුරුද්දක් වෙන්න ඇති. මීදුමෙන් වැහිලා තියන කඳු පන්තියක් තියන අන්තිම පින්තුරේ හිතේ නැවතුණා.

    ReplyDelete
    Replies
    1. මේ පින්තූර ඌව වෙල්ලස්ස සරසවියෙ පින්තූර පැතුම්.මං ගාව තව ලස්සන පින්තූර ගොඩක් තිබ්බ..ඒත් මේ වෙලාවෙ හොයාගන්න පුලුවන් උනේ මේ ටික විතරයි.අන්තිම පින්තූරයට තමයි මාත් වැඩියෙන්ම කැමති...

      Delete
  2. බලමුකෝ ඔය ජීවිතය විඳින්න වාසනාව ලැබෙයිද කියල!:)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලැබෙයි...:)

      Delete
  3. සරසවි ජීවිතයට පාසල් ජීවිතයට අපි හැමෝම ආයෙම යන්න ආස කරනවා.. ඒ, ඒ තරමටම ඒ මතක සුන්දර නිසා..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත දිනේශ්...ඒ කාලේ කොයි තරම් සුන්දරයිද...

      Delete
  4. අතීතය දිහා නැවත හැරිල බලද්දි එහි ආදරණීය බවක් දැනෙනවනම් ආයෙමත් යන්න හිතෙනවනම් ඔයා ගොඩක් වාසනාවන්තයි..මොකද හැමෝටම එහෙම කරන්න බැහැ එහෙම හිතෙන්නෙ නැහැ.ඒ වගේම ජීවිතේ හැම දෙයක්ම ජීවිත කාලය පුරාවටම අපි ලග තියාගන්න බැහැනෙ ‍යාළු.. කවදකම හරි අපිට හැමදේම අතහරින්න සිදුවෙනවා ඒකයිනෙ ලෝක ස්වභාවය..එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාලු...කිසිම දෙයක් සදාකාලික නෑ.ආයෙත් ඒ ජීවිතයට යන්න ආස උනත් යන්න බෑ කියල මං දන්නව.ඒ සුන්දර මතකයන් ටික හරි මං ලඟ තියෙන එක ගැන සතුටුයි...

      Delete
    2. සිහින සිත්තම්ගේ බ්ලොග් එකට යන්න විදියක් තියේද?

      Delete
    3. http://wwwsihinasiththam.blogspot.com/

      Delete
  5. මේකේ සමහර දේවල් දැක්කම මගේ දේවල් කියලා මට දැනුනා යාලු..මේ දේ මටත් දැනේවි..අපි පාසැල් කාලෙට තාමත් ජිවිතේ කොච්චර ආස කරනවා වගේම...හුගක් ලස්සනයි යාලු පින්තුර ටික නම්....ඒ දේවල් අපෙන් ඈත් වෙනකොට තමා අපිට එකේ තියන හැගීම දැනෙන්නේ....ඒ සුන්දර මතකයන් ජිවිතේ හැමදාමත්ම නොමැකෙන මතකයන් විදියටම තියේවි...
    හුගක් හිතට දැනෙන පොස්ට් එකක් යාලු..:)

    ReplyDelete
    Replies
    1. //ඒ සුන්දර මතකයන් ජිවිතේ හැමදාමත්ම නොමැකෙන මතකයන් විදියටම තියේවි...//
      ඒක ඇත්ත හිරු...
      ජීවිතයේ ඉස්සරහට යන්න මේ කාලය පුරාවට මං ලබපු අත්දැකීම් මට උදවු වේවි.දැන් දැන් ජීවිතේ කලින් තිබුනට වඩා සංකීර්ණ වෙනව වගේ දැනෙනව.ඒ වෙලාවට මේ වගේ සුන්දර සිදුවීම් මතක් කරද්දි හිත ටික වෙලාවකට හරි සැහැල්ලු වෙන.ව

      Delete
  6. මේ ජීවිතේ ගොඩක් සුන්දර දේවල් ලැබෙනවා.ඒත් විදින්න ලැබෙන්නෙ නම් අඩුවෙන් ගොඩක් වෙලාව‍ට.ඒ වගේම දෙයක් නැතිවුනාම තමයි ගොඩක්ම ඒකේ වටිනාකම දැනෙන්නෙත්...ඒ අපි කාගෙත් හැටිනේ. ආයෙමත් අතීතයට යන්න බැරිවුනාට ලස්සන සුන්දර මතකයක් තියනවනේ ඉතිරිවෙලා.ඒක නිසා ඒ ගැන හිතලා සතුටින් ඉන්න යාලුවේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සුන්දර මතකය මට ගොඩක් වටිනව.ඒ ගෙවුනෙ ජීවිතේ ලස්සනම කාලයක්...

      Delete
  7. ඇත්තටම ගොඩාක් ලස්සනයි මම කැම්පස් ගියේ නැතත් පාසල් කලේ මට එපා වෙලා තිබුනේ.එත් පසු කාලෙක අපි කරපු දේවල් මතක් වෙද්දී ගොඩාක් දුකයි.

    ජිවිතේ කාලෙට මේ සිදුවීම් අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ...කැම්පස් කාලෙ කියන්නෙ මට කවදාවත්ම අමතක වෙන්නෙ නැති මතකයන් ගොඩක් ජීවිතයට එකතු කරපු කාලයක්.

      Delete
  8. ඔව් චාම්ස්..., අතීතයෙ මිහිරි මතකය, මතක් වෙනකොටත් සතුටුයි. ඒ වගේම නැවත එක ලැබෙන්නෙ නැ කියලා හිතන කොට හිතට දැනෙන්නෙ පුදුම දුකක්. ඒත් ඉතිං මොනා කරන්නද ඒකනෙ ලෝක ස්වභාවය.. අපට කිසිම දෙයක් සදාකාලික නෑ. හිතට දැනෙන්න ලස්සනට විස්තර කරපු ලිපියක් campus & around පින්තුර ටිකත් ලස්සනයි..:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ කාලෙ නම් හරිම සුන්දරයි ෆාතිමා...ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  9. ඔයා ඌව වෙල්ලස්ස කැම්පස් එකේ නේද, හුගක් ලස්සන පරිසරයක් අක්කේ
    අපරාදේ නේද :/
    ඔන්න මාත් අද ඉඳං එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි...මේ ඌව වෙල්ලස්ස කැම්පස් එක තමයි.
      ඔයාව ආදරයෙන් පිළිගන්නව මගේ බ්ලොග් එකට :)

      Delete
  10. වෙල්ලස්සේ එක මාර ලස්සනයිනේ...
    කොහෙද අපි මේවට ගන්නේ නෑනේ..:D

    ReplyDelete
    Replies
    1. හ්ම්..කැම්පස් එක නම් ගොඩක් ලස්සනයි...ඒත් ඇයි ගන්නෙ නෑ කියන්නෙ???

      Delete
  11. ශා... තවත් කැම්පස් යාලුවෙක්!!! අපි උව වෙල්ලස්ස පැත්තේ තමයි හිටියේ, එත් දැන් ඉන්නේ ටිකක් දුරින්... හරිම ලස්සන බ්ලොග් පිටුවක්!!!

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ පැත්තෙ හිටියද....එහෙ හරිම ලස්සනයි නේද. ස්තූතියි යාලු:)

      Delete
  12. Replies
    1. සාදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට ඔයාව:D

      Delete
  13. අතීතය සිහිනක් පමණයිද?ජායාරූප අයිතියා මා සතු කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. ඒ ඡායාරූප මගෙ බ්ලොග් එකේ දාන්න අවසර දුන්නට ඔයාටත් ගොඩක්ම ස්තූතියි නදීර....

      Delete
  14. ආයුබෝවන්!!!...මම මුලින්ම මේ බ්ලොග් එකේ දාන කොමෙන්ටුව වෙන්න ඕනෙ :)

    මම හිතන්නෙ කෙනෙක් ගෙ ජීවිතේ පාසල් කාලය හැරුණම තියෙන සුන්දරම සහ සැහැල්ලුම කාලය තමයි සරසවි ජීවිතය ...

    මම දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකක් වෙනවා.. ඒත් තාමත් ඒ කාලය මතක් වෙනකොට හරිම ආසයි.. ;):)


    මම තාම කියෙව්වේ මේ ලිපිය විතරයි... ආයෙත් වෙලාවක එන්නම් ඉතිරි ටික කියවන්න :)

    ReplyDelete
    Replies
    1. අයුබෝවන් ගවේශකයා...බොහොම ආදරයෙන් පිළිගන්නව ඔයාව මගෙ බ්ලොග් එකට :)

      ඇත්ත. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ජීවිතේ තිබුන ලස්සනම කාලෙ තමයි සරසවියෙදි ගෙවුන කාලය. කොයි තරම් කාලයක් ගියත් ඒ මතකය නම් අමතක වෙන්නෙ නෑ.

      ගොඩක් ස්තූතියි කමෙන්ටුවට ගවේශකයා. එහෙනම් පුලුවන් වෙලාවක ආයෙත් ඇවිත් යන්න එන්නකො :)

      Delete
  15. පැරණි පෝස්ටුවක් කියෙව්වෙමි. :)

    ReplyDelete
    Replies
    1. එය කියවූ බවට සටහනක් තැබුවාට ස්තූතියි.. :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)