ඔහොම කාලයක් යනකොට මෙයාගෙ රැකියාවෙ වැඩ වැඩි වෙද්දි බ්ලොග් පැත්තෙ යන එක ටික ටික නතර උනා. සමහර දවසට බ්ලොග් ලිව්වෙ නැතත් කියවන්න හරි බ්ලොගර් එක පැත්තෙ ආව ගිය චාම්ස් දැන් නම් එහෙමවත් බ්ලොග් ලෝකෙට එබිල බැලුවෙ නෑ. එත් තමන්ටම කියල බ්ලොග් දෙකක් තියෙනව කියල අමතක නොකරපු චාම්ස්, වැඩ ටිකක් අඩු උනාම ආයෙ බ්ලොග් ලියනව කියල හිතුවත්, වැඩ කියන්නෙ කවදාවත් ඉවර නොවෙන ක්රියාදාමයක් කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.
කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ඔය අතරෙ එක දවසක් හරියටම කිව්වොත් 2015 ජනවාරි 27 චාම්ස්ගෙ ඊ මේල් එකට ආපු ඊ මේල් එකක් චාම්ස්ව පුදුමයට පත් කලා. ඒ ඊ මේල් එකෙ මෙන්න මෙහෙම ලියවෙලා තිබ්බ.
මේක දැකපු චාම්ස් කල්පනා කලා තුශානිට එහෙනම් තමන්ව අමතක වෙලා නෑ නේද කියල. පුන්චියට හිතේ දළු දාගෙන ආපු සතුට තවත් වැඩි උනේ බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් යාලුවෙක් උන දිනේශුත් මේ පෝස්ට් එකටම කමෙන්ට් කරල තියෙනව දැක්කම. හැබැයි දිනේශ්ගෙ කමෙන්ට් එකේ තිබ්බ එක කතාවකට චාම්ස් ටිකක් කලබල උනා.
"කාලෙකින් ලියලා තියෙන්නෙ"
මේක දැකපු චාම්ස් ආයෙත් බ්ලොගර් එක පැත්තෙ ගියේ තමන් හීනෙන්වත් බ්ලොග් එක අප්ඩේට් කරල තියෙනවද බලන්න.
කොහොමද මෙහෙම උනේ කියල කල්පනා කරපු චාම්ස් බ්ලොග් රෝලෙ පහලට ගියාම දැක්කා මීට දවස් තුනකට කලින් තමන්ගෙ බ්ලොග් එක අප්ඩේට් උන කතන්දරයක්. එත් ඒ ගැන වැඩිය හිතන්න උනේ නැත්තෙ එතකොටම චාම්ස් ළඟට ආපු චාම්ස්ගෙ ප්රධානියා භාරදුන්නු වැඩක් කරන්න උන නිසයි. ඔන්න ඉතින් ආපහු චාම්ස්ට අමතක වීමේ රෝගය හැදුනා. වෙලා තියෙන එක හොයන්න විතරක් නෙවේ තමන්ව අමතක නොකරපු යාලුවන්ට රිප්ලයි කරන්නත් එයාට බැරි උනා. (ඔයාල හිතන එක හරියටම හරි.චාම්ස් කියන්නෙ නරකම නරක ළමයෙක්. මාත් එකඟයි ඒ කතාවට )
ඔහොම අමතක වෙලා ගිය කතාව ආයෙත් චාම්ස්ට මතක් උනේ අද උදේ දැකපු තවත් ඊ මේල් එකකින්. බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් හිතවතෙක් උන ගිමනුත් මෙන්න අර පෝස්ට් එකටම කමෙන්ට් කරල.
ඔන්න ඒ පාර තමයි චාම්ස් හිතුවෙ ආයෙත් පෝස්ට් එකක් ලියන්න. ඔය "තනිකම" කියන පෝස්ට් එක චාම්ස් ලියල තියෙන්නෙ 2013 ජූනි මාසෙ 28. ඊට පස්සෙ තව පෝස්ට් සෑහෙන්න ලියල තියෙද්දි එක පාරටම ආයෙත් මේක අප්ඩේට් උනේ කොහොමද කියන එක චාම්ස්ට නම් හිතාගන්න බෑ. සමහරවිට චාම්ස් නැති අතරෙ බ්ලොග් ලෝකෙ මෙහෙම දේවලුත් වෙලාද කියල නම් එයා දන්නෙ නෑ.
කොහොම හරි අදෘශ්යමාන බලවේගයකින් හරි චාම්ස් ගෙ බ්ලොග් එකේ මකුලු දැල් කඩලා දීපු එක ගැන නම් චාම්ස්ට සතුටුයි. ඔය ගැන කියල බ්ලොග් එකේ තවත් සටහනක් තියපු චාම්ස්, සෑහෙන්න කාලයක් බ්ලොග් ලිව්වෙ නැති උනත් තාමත් තමන්ව අමතක නොකරපු කීපදෙනෙක් ඉන්නව කියල හිතද්දි දැනෙන සතුටත් හිතේ තියාගෙනම ඒ අයට හදවතින්ම ස්තූතියි කියන ගමන් බ්ලොගර් එකෙන් සයින් අවුට් උනාලු.
නිමි.
අහ් එහෙමත් එකක්ද වෙලා තියෙන්නේ.. බ්ලොගර්ට පවු කියලා හිතිලා එහෙනම් පරණ එකක් ආයේ උඩට දාලා දෙන්න ඇති..
ReplyDeleteමාත් හිතන්නෙ එහෙම වෙන්න ඇති... :D
Deleteමාත් දැක්කා. හැබැයි ඔයාගේ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ගේ ඒවා ඩෑෂ් බෝඩ් එකෙන් පෙන්නුවා.. දිනේ නොබල කමෙන්ට් කරපු ඈායෝ තමා ඔය දිනේෂයි, තුෂානියි.. හැක්. කෝම උනත් ආයි ලියන්න මතක් වෙච්චි එකම මදෑ..
ReplyDeleteමට හිතුනා අනිත් අයටත් සමහරවිට මෙහෙම වෙන්න ඇති කියල...
Deleteමං නැති අතරෙ බ්ලොග් ලෝකෙ පොඩි පොඩි වෙනස් කම් වෙලා..හැබැයි දේශ්ගෙ "හැක්" එකනම් ඒ විදිහටම තියෙනවා :D :D
ඔයා මකුළු දැල් කඩපු කොස්ස මටත් ඕනේ වෙනවා.
ReplyDeleteආයි චාම්ස්ට දෙන්න කලින් මටත් ඩිංගක් දියං..
Deleteහැබෑටම ඩූඩුත් November වලින් පස්සෙ ලියලා නෑනෙ :O What's up? Writer's block?????
Deleteමකුලු දැල් කඩන කොස්ස දෙන්නම්. හැබැයි දෙන්නම පරිස්සම් කරල ආයෙත් මටම ගෙනත් දෙන්න ඕනි..මොකද ආයෙත් මට ඕක ඕන වෙන්න හොඳටම ඉඩ තියෙනවා :)
// ඔයාල හිතන එක හරියටම හරි.චාම්ස් කියන්නෙ නරකම නරක ළමයෙක්// මාත් මේ කියන්නමයි හිටියේ... හි..හි...
ReplyDeleteඅදෘශ්යමාන බලවේගයකින් හරි චාම්ස්ගෙ බ්ලොග් එකේ මකුලු දැල් කඩලා දීපු එක ගැන අපිටත් සතුටුයි.. මකුලු දැලුත් කඩලා තියෙන එකේ ඉක්මනටම මොනාහරි ලියන්න ...
ආනේ..ඔය ඉන්නෙ මගේ බ්ලොග් එකේ මකුලු දැල් කඩන්න මූලිකම වෙච්ච කෙනා.. :-f ඔයාට හෙම්බිරිස්සාව හැදුනෙ නෑ නේද මේකෙ තිබ්බ දූවිලි වලට :)
Deleteමං හිතන්නෙ තුශානි චාම්ස් දැන් ආපහු හොඳ ළමයෙක් වෙයි :D
බ්ලොග් ලෝකෙට ආපු කෙනෙක් ඒකෙන් වෙන් කරන්න බෑ චාම්ස්. මොකද අද කාලෙ බහුතරයක් තියෙන අහිතකර ඇබ්බැහිවීම් අතරෙ බ්ලොග් කියවිල්ල ලිවිල්ල කියන්නෙ කොච්චර හොද දෙයක්ද. කිව්වත් වගේ අදෘශ්යමාන බලවේගයකින් ඔයාව ආයෙත් මෙහෙට ගෙනත් තියෙන්නෙ අපේ හොඳට මොකද දැන් ඉතින් චාම්ස් ගෙ පොස්ට්ස් ටිකක් ආයෙත් අපිට බලා ගන්න පුලුවන් වෙයිනෙ.
ReplyDeleteඒක නම් ඇත්ත ගිමන්. බ්ලොග් ලෝකෙට ආවට පස්සෙ ආයෙ යනව බොරු :) පුලු පුලුවන් විදිහට ලියන්න හිතාගෙන ඉන්නෙ..බලමුකො :)
Deleteකොහොමින් කොහොම හරි කමක් නෑ අායෙම ලියනවානම්.. අපි ලියන්න අාපු කාලේ හිටපු බහුතරය දැන් ලියන්නෑ.. අලුත් අය ඒනවා ඒනවටත් වැඩිය වේගෙන් යනවා... අනේ මන්දා ... ලියන්න කියලා තමයි හැමෝගෙන්ම අපිත් ඉල්ලන්නේ....
ReplyDeleteලියන්න නම් මාත් ආසයි. ඒත් වෙලාව තමයි හරහට ඉන්නෙ :( දැන් නම් ආයෙත් ලියන්න තියෙන ආසාව වැඩි වෙලා තියෙන්නෙ. බලමුකො :)
Delete