පහුගිය ටිකේ
පොත් පෙට්ටියක් අදිද්දි මතු උන කවි කෑලි පුලුපුලුවන් වෙලාවට බ්ලොග් එකේ දැම්මා..
ඉතුරු උන ඒවා දිහා බලද්දි ඒවට මොනවා කරන්නද, මොනවා කියන්නද කියලා කොච්චර හිතුවත්
හිතාගන්න බැරි උනා. හිතන එක උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති නිසා වැඩිය හිතන්නෙ
නැතුව මොනවද මංදා කියන ටයිටල් එකෙන් කවි කියන ලේබල් එක යටතේ ටයිප් කරල පබ්ලිශ් කළා ඕං...
අම්මා
ජීවිත තරඟය ජය
ගන්නට ශක්තිය සැපයූ
බාධක ජය ගන්න ධෛර්යය සැපයූ
නොසැලී
සිටින්නට පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය ඔබය...
********************************************************************************************************************
අමරණීය පෙම
කවදාවත්
මැරෙන්නෙ නෑ කියපු
අපේ නොමියෙන
ප්‍රේමය
මැරිලා.
*******************************************************************************************************************
කම්පාව
ලොව ඇති
බිහිසුණුම කම්පාව
භූමිකම්පාව
නොව ආත්මානුකම්පාවයි
මන්ද යත්
භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
ආත්මානුකම්පාව
ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්
*******************************************************************************************************************
දුක ++
කඳුලු
පිසින්නට ලේන්සුවක් සෙවූ මට
ලස්සනට අසුරා
ඔබ,
ග්ලිසරින්
බෝතලයක් දුන් අපූරුව...
*******************************************************************************************************************
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ..
මාත් හිටියා
ඔබත් එක්ක
මුලු ගමන
පුරාවට
එවෙලේ උවමනවක්
තිබුනෙ නෑ ඔබට
අයින් කරලා
දාන්න මාව..
ඒත් ගමනාන්තයට
ඇවිත් ගෙට ගොඩ වෙන්න හදද්දිම
ගසා දැමුවෙ
මාව,
මම වැලි
කැටයක් නිසාද????
*******************************************************************************************************************
(නිදි) මතට තිත
එලාම් එකේ
අමිහිරි හඬ ඇහෙන කොට
කැමති උනත්
සිත්සේ තව නිදන්නට
එහෙම බෑනෙ
ලෙක්චර් එක ඇත අටට
මේවා නිකං දාර්ශනික උපදේශ වගේ නේ.. නියමයි..
ReplyDeleteඈ ඒ වගේද?? ස්තුතියි දේශා..
Delete// ලොව ඇති බිහිසුණුම කම්පාව
ReplyDeleteභූමිකම්පාව නොව ආත්මානුකම්පාවයි
මන්ද යත් භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
ආත්මානුකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්//
මේ දැං මටත් ආත්මානුකම්පාවක් ඇතිඋනා ඕං....
පැති කීපෙකින්ම රසට ලියල තියෙනවනේ..
ජය වේවා!!!
ආත්මානුකම්පාවක් ඇති උනේ අපිටත් මේවා කියවන්න උනානේ කියලද? :P
Deleteස්තූතියි..ජයවේවා!!!
අනෙ හප්පේ පට්ටනෙ.මගෙ නම් හිත ගියෙ අර කම්පාව ගැන එකයි. අනිත් එක අම්මා එක. නියමයි චාම්ස්.
ReplyDeleteඅම්මා කියන පද පෙළ මගෙත් ෆේවරිට් එකක් :) ස්තූතියි ප්‍රියා..
Deleteමම වැඩිය කැමති වැලි කැටයෙ කතාවට!
ReplyDeleteඑහෙමද...... :)
Deleteඅගේ ඇති සිතුවිලි ටිකක් නෙ. ලස්සනයි. අරුත්බරයි.
ReplyDeleteස්තූතියි අයියේ.. :)
Deleteමට නං පට්ටෙටම නැගල ගියෙ අමරණීය පෙම...
ReplyDeleteඅනිත් ඒවත් පට්ට තමා...
ඒත් අරකෙ අමුතු කික් එකක් තියේ
තැන්කූ තැන්කූ :)
Deleteසෙරෙප්පු දෙකට වෙන්නෙත් ඔය වැලි කැටේට වෙච්ච දේම තමයි හුඟක් වෙලාවට.
ReplyDeleteඔව්නේ... :-?
Deleteඅපූරුයි... (නිදි) මතට තිත එකක්ට තමයි වැඩි මනාපය ...
ReplyDeleteමගෙත් වැඩි මනාපය ඒකට තමයි තුශ්...අත්දැකීමෙන් ලියවුන එකක්නෙ ඒක :)
Deleteකොට කවි... මරු!!!
ReplyDeleteතැන්කූ :)
Deleteමේවත් නිකන් හයිකූ වගේනේ.. කම්පාවනම් නියමයි..
ReplyDeleteකම්පාවට මනාප වැඩියි වගේ... :-?
Deleteමාත් හිටියා ඔබත් එක්ක
ReplyDeleteමුලු ගමන පුරාවට....
වැලි කැටයක් උනේ මොකද ? :)
සමහර වෙලාවට අපිට වැලි කැටයක් වෙන්න සිද්ධ වෙනවා SN.... :-SS
Deleteනියම අදහස් ටිකක්නේ...
ReplyDeleteස්තූතියි කැස්පර් :)
Deleteපෙරලන විට පරන ඩයරි
ReplyDeleteගොඩක් ඇතේ ලියපු තියරි
මතක් වෙද්දි ඒ සුමිහිරි
සිනහ නැගේ කටත් ඇරී
පෙරලද්දී පරණ ඩයරි
Deleteහමුවූ ඒ පරණ තියරි
ඔබේ බ්ලොගේ ලිව්වොතින්....
පලන්න හැකි අපට කැකිරි :D
:D අනිවා ලියන්නම් ටිකක් හිමීට නිවාඩු පාඩුවේ :D
ReplyDelete