විශ්ව විද්‍යාල
ජීවිතෙත් ටිකෙන් ටික ඉවරවෙලා යනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ industrial
training එකයි project එකයි විතරයි.කැම්පස් එකේ ගෙවුන කාලයෙ දුක සතුට
සිනහව කඳුලු මේ හැම දෙයක්ම ජීවිතයට එකතු උනා.කොහොම උනත් ආපහු හැරිලා බලද්දි ඒ
ගෙවුන කාලය ජීවිතයට කොයි තරම් වටිනවද කියල හිතෙනව.
කැම්පස් යන්න
මට පොඩි කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බ. මේ බලාපොරොත්තුව ජීවිතේට එකතු වුනේ කොයි
කාලෙද කියල හරියටම මතක නෑ. ඒත් දන්න කියන අය සරසවි ජීවිතයෙ රසමුසු තැන් ගැන කතා
කරද්දී කැම්පස් යන්න මටත් ආසාවක් ඇති උනේ ඉබේටම. දැන් මේ කියන්න යන්නෙත් ඒ ආසාවත්
එක්කම ජීවිතයට එකතු උන හීනයක් ගැන.
මම 10 වසරෙ ඉන්න කාලේ මගේ
හොඳම යාලුවගෙ අම්ම රට ඉඳන් එද්දි අපි දෙන්නටම ලස්සන පොත් දෙකක් ගෙනත් තිබ්බ. ඒ
පොත් වල ලස්සන පිට කවරයක් තිබ්බ. මම ඊට කලින් කවදාවත් ඒ වගෙ පොතක් දැකලා තිබ්බෙ
නෑ.දැන් නම් ඒ වගේ පොත් ඕනි තරම ඇති. මේක සමරු සටහන් එහෙම ලියන්න පුලුවන් විදිහෙ
පොතක්. ඔය තියෙන්නෙ ඒ පොතේ පින්තූරයක්.
ඔය අතරෙ අපි O/L කරන කාලෙත් ළං
උනා.ඉස්කෝලෙන් අයින් වෙලා යන්න කලින් හැමෝම සමරු පොත් ගෙනත් අනිත් අයගෙ සටහන්
ගන්නවා. මේ වෙලාවෙ මගේ යාලුව මේ විදිහෙ යෝජනාවක් ගෙනාවා.
"අපි දෙන්න
අම්මා ගෙනත් දුන්න පොත් අපේ autographs විදිහට ගමු. දෙන්නටම තියෙන්නෙ එකම විදිහෙ පොත්නෙ"
අදහස නම්
හොඳයි.හැබැයි ඒ වෙද්දි මගේ හිතේ තිබ්බෙ වෙනස් විදිහෙ බලාපොරොත්තුවක්. මට ලොකු
ආසාවක් තිබ්බ කවදහරි කැම්පස් එකෙන් අවුට් වෙද්දි මගේ කැම්පස් යාලුවන්ට කියල මේ
පොතට සමරු අත්සන් ගන්න. ඒ වෙනකොට O/L වත් කරල තිබ්බෙ නැති උනාට ඔය හීනේ නම් මගෙ
හිතේ තදින්ම තිබ්බා.ඒත් ඉතින් මේක යාලුවට කියන්න බෑනෙ. කොහොම හරි ඒ වෙලාවෙ හිමීට ඒ
කතාව ෂේප් කරල දැම්මා. යාලුවා එයාගෙ පොතට සමරු සටහන් ගනිද්දී මම වෙන පොතකට සමරු
අත්සන් ගත්තා.
A/L කාලෙ තමයි මගේ
ජීවිතයෙ හිටිය හොඳම යාලුවො මට මුණගැහුනේ. මේ පොතට එයාලගෙ සමරු සටහන් ගන්න ලොකු
ආසාවක් ඇති උනත් පහුගිය කාලෙ පුරාම හිතේ තිබ්බ හීනේ අත අරින්න හිත දුන්නෙම නෑ. ඒ
නිසා මේ පොත පරිස්සමට අල්මාරියේ තියෙද්දී එයාල සමරුසටහන් ලියුවෙ වෙන පොතක.
කොහොම හරි
කැම්පස් ගියා කියමුකො. කාලයගෙවිලා ගිහින් අපි සරසවියෙ ඉන්න අන්තිම මාසෙත් ආවා.දැන්
ඉතින් facebook, twitter, බ්ලොග්, ජංගම දුරකතන
හැම කෙනෙක්ගෙම ජීවිත වල කොටසක් වෙලානෙ. අපි ඉස්කෝලෙ ගිය දවස් වල මොබයිල් ෆෝන්
තිබ්බෙ කීප දෙනෙකුට විතරයි. ඒ නිසා තමයි ඒ
කාලෙ autograph ගොඩක් අයගෙ
අවධානෙ දිනා ගත්තෙ. ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්නෙ. ඉස්කෝලෙ කාලෙ අන්තිම මාසෙ
කිට්ටුවෙන වෙන කොට සමරු පොත් කරළියට ආවත් කැම්පස් එකේ ඒ ගැන සද්දයක් වත් නෑ.මගෙ
යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඔය මාතෘකාව ඇදලා ගත්තා..ම්හ් කිසිම ප්‍රතිචාරයක්
නෑ.දැන් ඉතින් අලුත් තාක්ෂනයට පිං සිද්දවෙන්න පිටරට වල ඉන්න අයත් ගෙදරම ඉන්නව වගෙ
දැනෙන නිසා කාටවත් සමරු සටහන් වල අවශ්‍යතාවක් ඇතිවෙලා නෑ වගෙ :(
දැන් මට ලොකු
ප්‍රශ්නයක්. කවුරුවත් සමරු සටහන් පොත් දෙන්නෙ නැති කාලෙක මං විතරක් autograph එකක් අරන් ගිහින් අනෙ
මේ පොතේ sign කරල දෙන්නකො
කියල කියන්නෙ කොහොමද? අත්සන් කරත්
ඒත් එක්කම අහන්න වෙන විහිලු මතක් වෙන කොටත් ඇඟම සීතල වෙලා යනවා. :)
අනිත් අතට
අවුරුදු අටක් විතර හිතේ තිබ්බ ඒ අහිංසක ආසාව අත් ඇර ගන්නත් මගේ හිතෙ කිසිම
කැමැත්තක් තිබ්බෙ නෑ. මං නිකන් ගිරයට අහුවුන පුවක් ගෙඩියක් වගේ. හීනෙ හැබෑ කරගන්න
ගියොත් සෑහෙන්න ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. සද්ද නැතුව හිටියොත් ජීවිත කලෙ
පුරාම, හීනෙ හැබෑ
නොවුන දුක හිතේ තියෙවි. අනිත් ළමයි විභාගෙ ගැන කල්පනා කරද්දී මං උදේ හවස කල්පනා
කලේ මේ ප්‍රශ්නෙ ගැන.
අන්තිමේදි ආව
හොඳ අදහසක්. Autographs වලට ලෝකයෙන්
සමුගන්න සිද්ධ කරපු social media වලින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පුලුවන් නේද කියල
මට හිතුනා. ඊට පස්සෙ මේ පොත අරන් ගිහින් යාලුවන්ට දීලා කිවුවා
"මට මේ පොතෙ
ඔයාලගෙ email address, blog url, twitter id, එකී මෙකී නොකී හැම contact detail එකක්ම ලියලා
දෙන්නකො" කියලා.
කිසිම ප්‍රශ්නයක්
උනේ නෑ. හැමෝම කිසි කතාවක් නැතුව ඒ විස්තර ටික මට ලියලා දුන්න. සමහරු මාත් මේ ටික
ලියාගන්න ඕනි කියලත් කිවුවා.
දැන් මගේ
සරසවි යාලුවන්ගෙ අතින්ම ලියවුන ඒ සටහන් ටික ජීවිත කාලේ පුරාම මගේ ළඟ තියේවි.යාලුවො
එකින් එක්කෙනා ඒ පොතේ සටහන් තියෙනව බලන් ඉන්දැද්දි, ටිකෙන් ටික මගේ ඒ අවුරුදු ගානක් පුරාවට හිතේ
තිබ්බ ඒ ආසාව ඉටු වෙද්දි, දැනුන සතුට
කියන්න මට වචන නෑ.
මේක ඒ තරම්
ලොකු දෙයක්ද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මට මේ පොතේ, ඒ පොතේ ලියවිලා තියෙන
අකුරුවල, වටිනාකම, කාටවත්ම
හිතාගන්න බැරි තරම්....
හ්ම්.. සමරු පොත්! තවම අපිට නම් ඔය පිස්සුව හැදුනෙ නෑනෙ අක්කා..තව ටික කාලෙකින් තමයි පටන්ගන්නේ.
ReplyDeleteඑකත් ela අදහසක් තමයි.කිසිම අවුලක් නැතුව ඕන වැඩේ කරගත්තනෙ..:D:
ReplyDeletecampus එකෙන් out වෙන දවසේ එන හැඟීම මට අද වෙනතුරුත් විස්තර කරන්න බෑ..පුදුම සතුටක් එක්ක එකතු වෙච්ච කියන්න බැරි තරම් දුකක්...ජීවිතේ හොඳම කාලේ ගෙවිල ඉවර වෙලා.... අලුත්ම ජීවිතයක් පටන්ගන්නව.... සුභ පතනව සහෝදරී..ඒ වගේම ඔයාගේ plan එකත් නියමයි...
ReplyDeleteඅප කාගෙත් හිත් වල තියනවා ඔය වගේ අහිංසක ආසාවල්...ඉතිං ඒවා ඉටුකරගන්න සුදුසු අවස්තාවක් එනකං ගොඩාක් ඉවසිල්ලෙන් බලන් ඉන්න වෙනවා, ඔයා හිටියා වගේ..හබයි ඔයා නම් හරිම බුද්ධිමත්ව ඒ අහිංසක ආසාව ඉටුකරගත්තා හිතේ හැටියට..:D
ReplyDeleteමතක සටහන ඉතාමත් රසබරව කියලා තියනවා chams! :))
අම්මියෝ.. මගේ A/L කාලෙ සමරු පොත නම් මම නිකමටවත් බලන්නෙ නෑ..ඒකෙ අකමෙති මතක ගොඩායි!! :'(
ReplyDeleteලස්සනට ලියලා අක්කේ!!!
@ වර්ෂා: හ්ම්....අපිටත් මුලින්ම ඔය පිස්සුව හැදුනෙ O/L කාලෙනෙ :)
ReplyDelete@කසුන්: ඔව්නෙ.... :D
@see jay: ඒක නම් ඇත්ත.කැම්පස් එකෙන් අයින් උනාම දැනෙන්නෙ සතුටක්ද නැත්තම් දුකක්ද කියල මටත් කියන්න තේරෙන්නෙ නෑ.
ගොඩක් ස්තූතියි අයියේ...
@Fathima: මගේ ඒ ආසාව ඉටු කරගන්න නම් අවුරුදු 8ක් විතර බලන් ඉන්න උනානෙ.
ගොඩක් ස්තූතියි Fathima...
@හිතුවක්කාරි: කාලෙකදී අපි ආසාවෙන් ජීවිතේට එකතු කරගන්න මතක තවත් කාලෙක අපිට දුකක් ගේනවා...ඒ තමයි ජීවිතේ හැටි :(
ගොඩක් ස්තූතියි නංගියෝ...
හරිම සංවේදී..ලස්සන අදහසක්...
ReplyDeleteඔයාගේ අශින්සක ආසාවක් කොච්චර කාලයක් හිතේ තියාගෙන ඉඳලද?ඕනෙම ආසාවල් ඒ විදියට ඉෂ්ඨ කරගන්න පුළුවන් නංගි.පෙරුම් පුරපු දෙයක් ලැබෙද්දී ඒ සතුට අපිට වැඩ ඔයාට ගොඩාක් දැනෙන්න ඇති කියල අපි දන්නවා.
ReplyDeleteමගෙත් සමරු පොතක් තියෙනවා සාමාන්‍ය පෙළ ලියද්දි කට්ටිය ලියපු කවි නිසඳැස්.මම වැඩියෙන් ආස එකේ ගෑනු ළමයි ලියපුවට.
තැනට සුදුසු නුවණ.
ReplyDeleteA/L කරද්දී තමයි මටත් මගේ හොඳම යාළුවව හම්බුනේ. අපි දෙන්නගේ සමරු මතක ලියන්න එක පිටුවක් මදි නිසා අපි කතාවුනා අනිත් අයට හොරෙන් වෙනම පොත් 2 ක ලියමු කියලා. අන්තිමේදී පිටු 120 එක්සයිස් පොත් 4 ක ලියලා දුන්නා. ඒවා තවම තියනවා.
මොන තරම් E version තිබුනත්... සමරු පොත තරම් ඒ එකකින් වත් හිතට වදින්නෙ නෑ....
ReplyDeleteහිතේ තියෙන බලාපොරොත්තු ඉටු වුනාම හුඟාක් සතුටුයි...කියාගන්න බැරි තරම්..ඔයාගේ මේ බලාපොරොත්තුවත් ඉටුවෙද්දී ඔයාටත් එහෙමම දැනෙන්න ඇති නේද.
ReplyDeleteමේ පැත්තේ එන්න පරක්කු වුනා.හුඟාක් ලස්සන ලිපියක් යාලු.ලස්සනම ලස්සනයි...
@Vindya: ගොඩක් ස්තූතියි :)
ReplyDelete@අසරණයා : ඔව් අයියේ.ඒ හීනේ ඉටු වෙද්දි දැනුන සතුට නම් කියලා වැඩක් නෑ.
අයියගෙ සමරු පොතේ කට්ටිය ලියලා තියෙන ඒව ගැනත් වෙලාවක ලියන්නකො :)
@nikki: පිටු 120 එක්සයිස් පොත් 4ක්??? මගෙ අම්මේ...කොයි තරම් නම් මතකයන් ඒ පිටු වල ලියවෙලා ඇතිද? ඒව කියවද්දි දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ
ආදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට :)
@තොටියා : ඒක නම් සම්පූර්ණ ඇත්ත.
ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට :)
@නොහිම් සිහින :ඇත්තටම බලාපොරොත්තුව ඉටුවෙද්දී නම් පුදුම සතුටක් හිතට දැනුනා යාලු...
සිහින ආපහු ආව එක ගැන නම් ගොඩක් සතුටුයි :D
ගොඩක් ස්තූතියි ඔයාට.....
හනේ..මම හුගක්ම පරක්කුයි...:
ReplyDelete(මම බ්ලොග් පැත්තේ යන එක නවත්තලානේ හිටියේ..)
ඔන්න මාත් ආවා පරක්කු වෙලා හරි...
අපිටත් තිබ්බ ඉස්සර ඉස්කෝලේ යන කලේ ඉදන් ඔය සමරු සටහන් පොතේ පිස්සුව..සා/පෙළ කරන කාලේ ලියපුවා දැක්කම අදටත් හිනා යනවා.D ඒවා මාත් සැහෙන්න පරිස්සම් කරලා අරන් තියලා තියනව අදටත්..
ඔයාගේ හීනෙ හැබැ කරගන්න ලැබුන එක ගැන සතුටුයි යාලු...:D
අම්මෝ... මටත් ටිකයි තව අවුට් වෙන්න තියෙන්නෙ, ඒ ගැන නම් දුකයි සතුටයි දෙක ම මිශ්‍ර වුණ හැඟීමක් තමයි තියෙන්නේ! ගෑණු ළමයින්ට තමයි ඔය පිස්සුව තියෙන්නෙ මම දැකලා තියෙන විදියට, සමහර වෙලාවට අපිටත් එනවා ලියලා දෙන්න කියලා, එතකොට අමතක නොවෙන්න ම මොනාහරි ආදරණීය විකාරයක් ලියලා දෙනවා. සතුටුයි කොහොමහරි ඔයාගේ හීනේ හැබෑ කරගත්තානේ!
ReplyDelete@ හිරු: පරක්කු උනාට මොකෝ.ඔයා ආවනෙ....:)මාත් පරණ සමරු සටහන් පොත් පරිස්සමින් තියාගෙන ඉන්නවා.ඒවා ආයෙ අයේ කියවන්න මං ආසයි...
ReplyDelete@ලහිරු: අවුට් වෙන්න ළං උනාම දැනෙන හැඟීම නම් කියල වැඩක් නෑ. ඒක සතුටයි දුකයි දෙකම මිශ්‍ර උන හැඟීමක් තමයි.
සාදරයෙන් පිළිගන්නව ලහිරුව මගෙ බ්ලොග් එකට :)
මගේ ලඟත් තියනවා ඔහොම ලොකූ සමරු පොතක් ... :) තාමත් කියව කියව රස විඳිනවා ඔයා වගේම... :)
ReplyDeleteලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
සමරුපොත්වල ලියලා තියෙන ඒවා නම් කොච්චර කියෙවුවත් ඇතිවෙන්නෙ නෑ... :)
Deleteඅයියාටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ඔයාගෙ අහිංසක බලාපොරොත්තුව වෙනුවෙන් සෑහෙන කලක් බලා ඉඳලා නේද?..ඒ වගේ සමරු සටහනක තියෙන වටිනාකම ගොඩක් වැඩියි නංගියෝ...ඉතින් ඔයාගෙ ඉදිරි අනාගත බලාපොරොත්තුත් ඒ අයුරින්ම ඉටු වෙන්න කියලා මම ඔයාට සුභ පතනවා!
ReplyDeleteඔව් අක්කෙ ඒ පොතේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ.ගොඩාක් ස්තූතියි අක්කියෝ ඔයාගෙ සුභ පැතුමට වගේම මේ පැත්තෙ ආවටත් :)
Deleteආදරයෙන් පිළිගන්නවා ඔයාව :D