|
http://birthday-t-shirts.spreadshirt.co.uk/ |
කාලයක් මට සැරටම ක්‍රිකට් උණ තිබිලා ඒක හොඳ
උන හැටි ගැන පෝස්ට් එකක් ලිව්වට මේ ලියන්න යන්නේ ක්‍රිකට් ගැන නම් නෙවෙයි. හැබැයි
ක්‍රිකට් වලට ආදේශ කරලා මේ කථාව කියන්න හිතුනා.
සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෝ
ගත්තම එක එක විදිහේ අය ඉන්නවනෙ. සමහරු ක්‍රීඩා කරන්න ආපු ගමන් දර්ශණීය හයේ හතරේ
පහරවල් ගහලා ප්‍රේක්ශකයින් අමන්දානන්දයට පත් කරනවා..හැබැයි වැඩි වෙලාවක් ක්‍රීඩා
පිටියේ රැඳෙන්නෙ නෑ.
තවත් අය ඉන්නවා මුල ඉඳන්ම බොහොම අපූරුවට ක්‍රීඩා
කරන ගමන් නොදැවී දිගටම තරඟයේ රැදෙන.
ඔය අතරේ හයේ හතරේ පහරවල් ගහන්නෙම නැති ඉඳල
හිටල ලකුණක් දෙකක් ගහන අයත් නැත්තෙම නෑ.
බ්ලොග් ලෝකෙ ඉන්න අපිත් ඒ වගේ කියල වෙලාවකට
හිතෙනවා. සමහරු ඉන්නවා මුල් කාලේ ඉතාම හොඳ පෝස්ට් එක පිට එක දාලා ඒත් මොකක්දෝ
හේතුවකට ලියන එක එකපාරම නවත්තල දාන අය. ඇත්තටම මම අදටත් සමහරුන්ගෙ පරණ පෝස්ට්
කියවල හිතන්නෙ ඇයි මෙයාල ලියන එක නැවැත්තුවෙ කියල..ඒ තරම් ඒ ලිපි කියවන්න ආසා
හිතෙනවා.
ඒ වගේම තවත් සමහරු ඉන්නවා ලියන්න ගත්ත මුල්
කාලේ ඉදන් දිගටම බොහොම සිත් ඇදගන්නාසුලු ලිපි ලියල මේ බ්ලොග් ලෝකෙ හොඳ නමක්
දිනාගෙන ඉන්න අය.
ඊළඟට ඉන්නවා මං වගේ අය.. ඒ කිව්වෙ ක්‍රිකට්
වල නම් අර තුන් වෙනි කැටගරියට වැටෙන අය.
වත්ත වටේ ලොකු රවුමක් ගිහින් දැන් එමුකො
කියන්න හදපු කාරණාවට. මං මුලින්ම බ්ලොග් ලියන්න ආවෙ 2011 දෙසැම්බර් මාසෙ. එච්චර
කාලෙකට කලින් ආපු මම මේ ලියන්නෙ මගේ 50වෙනි පෝස්ට් එක. ඒත් එක්කම පටන් ගත්ත ඉංග්‍රීසි
බ්ලොග් එකට නම් යන්නත් බයයි මට. ඒකෙ බැඳිලා තියෙන කුණු දූවිලි අයින් කරන්නම සෑහෙන
කාලයක් යයි මට. :(
ඇයි මං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ?
කෙටියෙන්ම කිව්වොත් ලිවීම කියන දේට මගේ
තිබ්බ ආසාවට. ඒ වගේම කාලයක් තිස්සෙ තැන තැන කුරුටු ගාපු සිතිවිලි ටික එක තැනකට
ගේන්න තිබුනු ඕනෙකම. මගෙ කැම්පස් යාලුවෙක් උන නදීරගෙන් මුලින්ම බ්ලොග් කියල දෙයක්
තියෙනවා කියල දැනගත්ත ගමන් ඒකට ඇති වුන ආසාව නිසාම මාත් බ්ලොග් එකක් පටන් ගත්තා.
මුලින්ම මම ලියපු පෝස්ට් කියෙව්වෙ මායි මගේ
යාලුවයි විතරයි. ඊට පස්සෙ කීප දෙනෙක් මගේ බ්ලොග් එකට යන්න එන්න ගත්තා. මුලින් කවි
විතරක් දානවා කියල පටන් ගත්තට පස්සෙ මට හිතුනා බ්ලොග් එකකින් ඊට වඩා දෙයක් කරන්න
පුලුවන් නේද කියල..ඉතින් බ්ලොග් එක ඇතුලෙ විවිධත්වයක් ඇති කරන්න මං උත්සහ කලා.
ලියන්න කොච්චර ආසාව තිබ්බත් වෙලාව කියන එක
හැම වෙලාවෙම මගේ හරහට හිටියා. ඒත් කවදාවත් බ්ලොග් එක අතඇරලා දාන්න මට හිතුනේ නෑ.
ඉඳල හිටල හරි පුංචි දෙයක් හරි ලියලා යන්න මං බ්ලොග් එකට ආවා. ඒ වගේම බ්ලොග් කියවන
එක වගේම ඒවට අදහසක් එකතු කරන එකත් පුලුවන් විදිහට කරගෙන ගියා. ඇත්තටම බ්ලොගින්
කියන්නෙ හොඳ විනෝදාංශයක් කියල මට තේරුනා..මං ජීවිතේ ආසාවෙන් කරපු දේවල් අතරට
බ්ලොගින්ග් කියන එකත් එකතු උනා...
ආසාවක් තියෙනවා නම් ඕනම දෙයක් මොන බාධකයක්
එක්ක උනත් කරන්න පුලුවන් කියන එක මම හොඳින්ම තේරුම් ගත්තෙ මගේ බ්ලොග් එක හරහා.
කලින් කිව්වා වගෙ කාලය මොනතරම් හරස් උනත් පුලුවන් හැම වෙලාවෙම මාව බ්ලොග් එකට
ඇදිලා ආවෙ ඒ නිසා වෙන්න ඇති.
සමහරු කියනවනෙ හිට්ස් කමෙන්ට්ස් බ්ලොග් එකේ
පවැත්මට අතිශයින්ම වැදගත් කියලා. මං නෑ කියලම කියන්නෙ නෑ. ඒවගෙන් ලියන කෙනාට ලොකු
ශක්තියක් ලැබෙනවා..ලියන්න තව අලුත් අදහස් එකතු වෙනවා..
මගේ බ්ලොග් එක ගත්තොත් පෝස්ට් එකකට සාමාන්‍යයෙන්
එන්නෙ කීපදෙනයි..කමෙන්ට් කරන්නෙ සාමාන්‍යයෙන් 10-12 විතර. ඒකට ගොඩක් හේතු ඇති..මම
ලියන මාතෘකා, මං ලියන ශෛලිය,
මම දාන කමෙන්ට්ස්, මේ
වගේ හේතු ගොඩක් ඇති.. හැබැයි එහෙමයි කියල ඒ හේතු වෙනස් කරගන්න මං කවදාවත් උත්සහ
කලේ නෑ. මොකද මේ මම. මං ලියන හැම දෙයක්ම මගේ අත්දකීම් නොවුනට ඒ ලියන දේවල් ඇතුලෙ
චාම්ස් කියන කෙනාගෙ චරිත ලක්ශන ටිකක් හරි තියෙනවා. මගේ බ්ලොග් එක මම නොවන කෙනෙක්
වෙලා ලියන්න මට උවමනා නෑ. මම මමම වෙලා ලියන දේවල් කියවන්න එන එක්කෙනෙක් හරි ඉන්නව
නම් මට ඒක සතුටක්.
ලියන්න තියෙන මේ ආසාව තියෙනකම් හිත අද්දර
මොන මොනවා හරි ලියවේවී….ඉතින් එහෙම මම
ලියපු පෝස්ට් හතලිස් නමය කියවන්න එක සැරයක් හරි හිත අද්දරට ගොඩ වැදුනු හැමෝටම
බොහොමත්ම ස්තූතියි!!!!!