Ads 468x60px

Sunday, February 23, 2014

ගීතයෙන් ගීතය



කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ                                                              
සුපුරුදු තනිය හොඳා………
www.colourbox.com

සතරවටින් කලු කරගෙන වහින වෙලාවේ
මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑවෙලාවේ
අතරමගක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූදා                                                                                   
මතකයි අද වාගේ..                                                                                            
tvtropes.org

එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ
දෙතොල නැගෙයි සිනහා....නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා………




www.vectorstock.com




ඔබ දන්නවාද දන්නෙ නෑ
මං ආදරේ කලා සිතින් කියා….
ඔබ මා ළඟින් තියා                                                                             
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නේ නෑ….




www.123rf.com
සිත සැනසුම වින්ඳෙමි ඔබ හිංදා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරියිදයාබරයි ඔබේ
සෙනේ...හේ
නොයිඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ.. මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුලු ලොව මගෙ යැයි සිතුනා



කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා
හෙට මා පිට වෙනවා…                                                                
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා….
itsabrideslife.com

ඔබගෙ සෙවනේ….රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන්…                         
ඔබගෙ සරණේ නොහිම් සෙනෙහේ
සසර සරන තුරුම වාසනා..
www.pinterest.com

දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවනක් සොයා......
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා…..






 
 www.dailymail.co.uk

 
පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ……
යවෞනයේ දුටු ඔහුමද මේ    
ඔහුටද මා අන්ධ උනේ…… 
 

රාත්‍රිය වී නිහඬව, නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ...
රාත්‍රිය වී නිහඬව, නිසලව ඉන්නම්

www.dailymail.co.uk
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝන කලුවර
දෑස පුරා දුටු සිනා කවටකෙළි කඳුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක...ඔබ හැර







ආයුබෝවන් පෙම්බරාණෙනි ඔබට සුභ දවසක්
දුකක් නොනැගෙනහෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්
                                                                                                            
හාදු තැවරූ රෝස කම්මුල්
www.coachingfordivorcedwomen.com
රළු අතින් රිදවා
දෙතොල ඉකිලන සුසුම් කැඳවන
රුදුරු බස් බනවා
නෙතු කඳුලු පුරවා...

ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුණු කඳුලු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි..ඔබට සුභ දවසක්



ඔබට සුභ දව.....සක්!!!